ජේආර්ගේ 23 වැනි ගුණ සැමරේ


 

    

මෙරට ප්‍රථම විධායක ජනාධිපති දිවංගත ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 23 වන ගුණානුස්මරණය නිමිත්තෙන් කොළඹ ජයවර්ධන කේන්ද්‍රය මගින් සංවිධානය කළ දානමය පිංකමක් එම කේන්ද්‍රය පරිශ්‍රයේ දී අද (29) පැවැත්විණි.

ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ බිරිඳ අභාවප්‍රාප්ත එලීනා ජයවර්ධන සහ පුතණුවන් වූ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිර්මාතෘ අභාවප්‍රාප්ත රවී ජයවර්ධන යන මහත්මීන් ද මෙහිදී සිහිපත් කෙරිණි.

තිඹිරිගස්යාය අශෝකාරාමයේ විහාරාධිකාරී ඇහැළියගොඩ ධම්මසිද්ධී ස්වාමීන්වහන්සේගේ ප්‍රදානත්වයෙන් දානමය පිංකම පැවැත්විණි.

මේ අවස්ථාවට කථානායක  කරු ජයසුරිය, එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක , ජේ.ආර්.ජයවර්ධන මහතාගේ මුණුබුරු ප්‍රදීප් ජයවර්ධන , ජයවර්ධන කේන්ද්‍රයේ ලේකම් ජනරාල් නිහාල් හේවගේ යන මහත්වරු මෙන්ම ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් පිරිසක් ද එක්ව සිටියහ.

                     

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා )