(රන්ජන් කටුගම්පොළ)
නොබෝදා කොළඹ හිල්ටන් හෝටල් රථ ගාලේ තිබී නීති විරෝධී ලෙස එකලස් කරන ලද බී.එම්. ඩබ්ලිව් මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සම අද ඒ මහතා මහතා ඉල්ලා අස්කර ගත්තේය.
මෙම පෙත්සම අද අභියාචනාධිකරන විනිසුරුවරුන් වන මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීණි.
එහිදී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේ තම සේවා දායකයාට මේ වන විට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලැබී ඇති හෙයින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බවයි.