ජ‘පුර සිසුහු පාරට බසිති


( ජයමාල් චන්ද්‍රසිරි)

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විශ්ව විද්‍යාලයේ සිට  පා ගමනින් පැමිණ විජේරාම හන්දියේ සිට  මේ වන විට උද්ඝෝෂණයක නිරතව සිටිති.

විශ්ව විද්‍යාල වසා වසර  දෙකක් ගතවූවී  යළි  සියලු සිසුන් සදහා විවෘත නොකිරීම  හේතුකරගෙන ,  විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කරන  ලෙස ඉල්ලා ඔවුහු මෙලෙස විරෝධතාවේ නියැලී සිටිති.

මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබවදයක් ද පවතී.

විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මෙම විරෝධතාව සංවිධානය කර තිබේ.