ජ’පුර නව උපකුලපති වැඩ බාරගනී


 

(ජයමාල් චන්ද්‍රසිරි)
 
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති වශයෙන් වැඩ බාරගැනීම අද (9) විශ්ව විද්‍යාල උප කුලපති කාර්යාලයේ දී සිදුකෙරිණි.
 

මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද උපකුලපතිවරයා වැඩ බාරගැනීම විශ්ව විද්‍යාලීය උපකුලපති කාර්යාලයේ දී සිදුවිය.
 
එම අවස්ථාවට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, සුදන්ත ලියනගේ මහතාගේ බිරිඳ ජනිතා ලියනගේ මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.