(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි)
කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ තිහාරියේ පිහිටි නාන කාමර උපාංග සහ ටයිල් අලෙවි කිරීමේ දෙමහල් ව්‍යාපාරික ස්ථානයක අද පස්වරුවේ ඇති වූ ගින්නකින් එම ව්‍යාපාරික ස්ථානයට බරපතල ලෙස හානි පැමිණ ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.
දහවල් 1.00 ට පමණ නාන කාමර උපකරණ සහ ටයිල්ස් අලෙවිය සිදුකරන දෙමහල් ව්‍යාපාරික ආයතනයේ මෙම ගින්න හටගෙන ඇත.
වෙළඳසැලේ පිටුපසින් මෙම ගින්න ආරම්භ වී ඇති අතර ගිනිගන්නා අවස්ථාවේදී වෙළඳ සැල වසා තිබී ඇත.
මෙම ගොඩනැගිල්ලේ ඉහළ මහලේ රෙදි පිලි ගබඩාවක් ඇති අතර එම ගබඩාවට සුළු අලාභ හානි සිදුවී ඇත.
ගින්න මැඩ පැවැත්වීම සඳහා ගම්පහ නාගරික ගිනි නිවන හමුදාවේ රථ දෙකක් යොදවා තිබූ අත අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර විදුලි කාන්දුවක් බවට පොලිසිය සැක කරයි.