චීන ආයතනයකට අයත් ටික්ටොක් සමාජ මාධ්‍ය යෙදවුම අමෙරිකාවේ තහනම් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ගත් විධායක තීරණයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එම ආයතනය පියවර ගෙන ඇත.
අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම තීරණය අනුව ලබන සැප්තැම්බර් මස මැද භාගයේ සිට අමෙරිකාව තුළ ගනුදෙනුවල නිරතවීම ටික්ටොක් සමාජ මාධ්‍ය අයත් බයිට්ඩාන්ස් සමාගමට තහනම් වේ.
අමෙරිකානු පරිශීලකයින්ගේ දත්ත චීන රජයට ලබාදෙන බවට අමෙරිකාව බයිට්ඩාන්ස් සමාගමට චෝදනා එල්ල කරන නමුත් එම සමාගම අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරයි.
බයිට්ඩාන්ස් සමාගම පවසන්නේ ජනපතිවරයාගේ පරිපාලනය සමඟ එකඟත්වයක් ඇතිකර ගැනීමට වසරක කාලයක සිට උත්සාහ දැරුවද එය සාර්ථක නොවූ බවයි.
ඒ අනුව අමෙරිකානු ජනාධිපතිවරයාගේ තීරණයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මෙම සතියේදී ආරම්භ කරන බව එම සමාගම සඳහන් කළේය.
වීඩියෝ සමාජ මාධ්‍ය යෙදවුමක් වන ටික්ටොක් භාවිත කරන අමෙරිකාවේ සක්‍රීය පරිශිලකයින් සංඛ්‍යාව මිලියන 80 කි.
-226-
(බීබීසී ඇසුරෙනි)