අඟහරු ගවේෂණය සඳහා යවන ලද ටියැන්වෙන් - 1 යානය අඟහරු ග්‍රහයා වටා සාර්ථකව කක්ෂගතකල බව චිනය පවසයි.
පසුගිය ජූලි මාසයේදි වෙන්චැං අභ්‍යවකාශ මධ්‍යසථානයෙන් කක්ෂගත කරන ලද යානය මාස හතකදී කිලෝමීටර් මිලියන භාගයක පමණ ගමනකින් පසු අඟහරු වෙත ළගාවිය.
ටියැන්වෙන් - 1 යානයෙන් ගෙනගිය රෝද සහිත රොබෝ යානය මැයි හෝ ජුනි මාසයේදි අඟහරු ග්‍රහයා මතට පතිත කරවීමට චීන ඉංජිනේරුවෝ බලාපොරොත්තු වෙති.
අඟහරු ග්‍රහයාගේ භූ විද්‍යාත්මක ව්‍යුහය, වායුගෝලය, පරිසරය හා පස සම්බන්ධ වැදගත් තොරතුරු එක්රැස් කිරීම මෙම මෙහෙයුමේ අරමුණයි. එසේම අඟහරු මතුපිට ජලය පවතින්නේ ද යන්න සම්බන්ධව ද මෙහිදී ගවේෂණය කිරීමට නියමිතය.
මෙම මෙහෙයුමත් සමග අඟහරු වෙත යානයක් යැවූ හයවන රට බවට චිනය පත්වෙයි. මේ වනවිට ඇමෙරිකාව සහ සොවියට් සංගමය අඟහරු වෙත යානා ගොඩබස්වා ඇති අතර යුරෝපිය අභ්‍යවකාශ ඒජන්සිය, ඉන්දියාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය සිය යානා අහහරු ග්‍රහයාගේ කක්ෂයට ඇතුළු කර තිබේ.
(බිබිසි ඇසුරිණි - 085)
ටියැන්වෙන් - 1 යානය අඟහරු වටා සාර්ථකව කක්ෂ ගතකරයි
Recommended Articles