ඩයලොග් ආසිආටා සමාගමට එතෙරින් සම්මානයක්


ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම ආසියා පැසිෆික් කලාපය සඳහා වූ Customer-obsessed Enterprise Award  සම්මානය දිනා ගැනීමට පසුගියදා සමත්විය. ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් පර්යේෂණ සහ උපදේශන සමාගමක් වන Forrester ආයතනය විසින් ඩයලොග් සමාගමට මෙම සම්මානය පිරිනමා ඇත්තේ පාරිභෝගිකයා කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපාරයේ දියුණුව, පාරිභෝගිකයා රඳවා ගැනීම සහ සේවකයන් ව්‍යාපාර ක්‍රියාවලිය සඳහා සක්‍රීයව දායක කර ගැනීම යන මූලික කරුණු ඇගයීමට ලක් කරමිනි.

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, සිය පාරිභෝගිකයන්ට වඩා විශිෂ්ට සේවා අත්දැකීමක් ලබාදීම සඳහා නිරන්තරයෙන්ම සිය සේවා වෙනුවෙන් සිදුකරන ආයෝජන සඳහා ආසියා පැසිෆික් කලාපය සඳහා Forrester's Customer-Obsessed Enterprise - APAC  සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වතාවට 5 G තාක්ෂණය හඳුන්වාදීමේ ගෞරවය හිමි ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමටය.

“ආසියා පැසිෆික් කලාපය සඳහා වූ  Customer-obsessed Enterprise  සම්මානය අප සමාගමට හිමිවීම අප ලද විශාල ගෞරවයක්.” ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන පාරිභෝගික නිලධාරී සැන්ඩ්‍රා ද සොයිසා මහත්මිය පැවසුවාය. ඇය වැඩිදුරටත් මෙසේද සඳහන් කළාය. 

“හෘදයාංගම සේවාව කියන අපගේ සේවාවේ මූලික සිද්ධාන්තයට අනුව කටයුතු කරන නිසා අපගේ සියලුම කටයුතුවල දී පාරිභෝගිකයාට ප්‍රමුඛස්ථානය ලබා දීමට අපට හැකිවී තිබෙනවා. ඒ හරහා අපේ පාරිභෝගිකයන්ට අද්විතීය සේවාවක් ලබාදීමට අපට හැකියාව ලැබෙනවා. මේ සම්මානය අපගේ නොසැලෙන අධිෂ්ඨානය, සේවා සැලසීම වෙනුවෙන් වූ දැඩි ඇල්ම හා උනන්දුව සහ ‘හෘදයාංගම සේවාවක්’ වෙනුවෙන් වූ අපගේ පොරොන්දුව  සහ ‘අනාගතය අදයි’ යන අපගේ තේමාව අර්ථවත් කිරීම වෙනුවෙන් වූ අපගේ සේවකයන්ගේ අපිරිමිත කැපවීමට කදිම සාක්ෂියක්.”සඳහා—APAC සඳහා Forrester's Customer-obsessed Enterprise සම්මානය දිනාගත් ඩයලොග් ආසිආටා සමාගමට අපේ උණුසුම් සුබ පැතුම් එක් කරනවා.”යනුවෙන්  Forrester  ආයතනයේ ජාත්‍යන්තර පර්යේෂණ සහ නිෂ්පාදන අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඬේන් ඇන්ඩර්සන් මහතා සඳහන් කළේය.

595