ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ


වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති.

මේ බව පෙන්වා දී ඇත්තේ, එඩින්බරෝ හැරියොට්-වොට් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය යුසිඩීන් නිකල්සන් ප්‍රමුඛ ඔහුගේ කණ්ඩායමය.

යුසිඩීන් නිකල්සන් ප්‍රමුඛ ඔහුගේ කණ්ඩායමය, 2022 වසරේ දී ගිනියාවට ඔබ්බෙන් මුහුදු පතුලෙන් හමුවුණු කිලෝ මීටර් 8 ක් පළල ආවාටය පසුගිය කාලයේ සියුම් ලෙස අධ්‍යයනය කර ඇත.

මෙම ආවාටය හැඳින්වෙන්නේ, නදීර් ආවාටය යනුවෙනි.

ආවාටය, වසර මිලියන 65 ත් 67 ත් අතර කාලයේ, පෘථිවියේ ගැටුණු යෝධ ග්‍රහකයක් නිසා නිර්මාණය වූවක් බව මේ වනවිට කාල නිර්ණය පරීක්ෂණවලින් තහවුරු වී ඇත.

මෙය පෘථිවියේ හැපී ඇත්තේ පැයට කිලෝ මීටර් 72,000 ක වේගයකිනි.