ඩ්‍රෝන කැමරා තාක්ෂණයෙන් කාබනික දියර පොහොර ඉසීම අත්හදා බලයි


 

(ජේ.කේ.එල්. චාමින්ද)

ලංකාවේ පළමු වරට ඩ්‍රෝනා කැමරා තාක්ෂණය යොදාගෙන  ගුවනේ සිට කුඹුරු යායකට  කාබනික දියර ‍පොහොර ඉසීමේ අත්හදා බැලීමේ වැඩසටහනක් අද (25) රත්ගම පන්විල යායේ දි සිදුකෙරණි.

මෙකි තාක්ෂණය පිළිබද ගොවින් දැනුවත් කිරිම හා අත්හදා බැලිමක් වශයෙන් ඩ්‍රෝනා කැමරාවක්  උපයෝගි කරගෙන කාබනික දියර පොහොර ඉසිම සිදුකරණු ලැබිය. පන්විල යායේ කුඹුරු අක්කර එකහමාරකට පමණ  මෙකි නව තාක්ෂණික  මෙවලම යොදාගෙන කාබනික දිය  පොහොර ඉසනු ලැබිය.

මෙම වැඩසටහන  පොහොර නිෂ්පාදන හා සැපයුම් රසායනික  පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය ඇමැති නිතිඥ මොහාන් පි දි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ගොවිජනතාවට නව තාක්ෂණික උපක්‍රම හදුන්වා දිම හා කාබනික පොහොර ගොවින් අතර ප්‍රචලිත කිරිමේ ආරමුණින් මෙම අත්හදා බැලිමේ වැඩසටහන ක්‍රියාත්මක කළ බැව් රාජ්‍ය ඇමති මොහාන් පි දිසිල්වා මහතා පැවසියපරික්ෂණ මට්ටමින් තමයි අපි මෙම වැඩසටහන  ක්‍රියාත්මක කළේ. ගොවින් පොහාර අධිභාවිතා කරණවා.ඒ විතරක් නෙවෙයි පොහොර ඉසිම සදහා වැඩි කාලයක් ගතවෙනවා.

විශාල වියදමක්ද යනවා මෙකි තාක්ෂණය භාවිතා කිරිම තුලින් කෙටිකාලයක් තුල තම කුඹුරු යායට පොහොර ඉසිමට ගොවින්ට අවස්ථාව ලැබෙනවා.

 ඉදිරියේ දි මෙම වැඩසටහන  අනික්  ප්‍රදේශවලද ක්‍රියාත්මකිරිමට කටයුතු කරණවා  මෙම ඩ්‍රෝනා කැමරාවේ විසුරුම් 08ක් තියෙනවා ඒ හරහා තමයි පොහොර  ඉසිම සිදුකරන්නේ. ගාල්ල හා මාතර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂක එල්.එච් සුරියබණ්ඩාර මහතා තමයි පොහොර කමිටුවේ දි මෙම වැඩසටහන යෝජනා කළේ. අත්හදා බැලිමේ වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කළ බවද රාජ්‍ය ඇමතිවරයා පවසයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා කෘෂිකර්ම ඇමති මහින්දනාන්ද අලුත්ගමගේ මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ අතර මෙම අවස්ථාවට ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ, ගාල්ල හා මාතර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂක එල්.එච් සුරියභණ්ඩාර, ආචාර්ය ජගත් ගුණවර්ධන, ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සහකාර කොමසාරිස් ජේ.ඩබ්ලිව් එස් ප්‍රියන්ජන් යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.