ඩියුටි ෆ්‍රී වෙළෙදසලක් බිඳ කෝටියකට අරක්කු-සිගරැට් උස්සලා


(ගයාන් සූරියආරච්චි)

කොළඹ වරාය මගී පර්යන්තය අසල පිහිටි තීරුබදු රහිත වෙළෙදසලක් බිද රුපියල් කෝටියකට ආසන්න මත්පැන් සහ සිගරැට් සොරාගෙන ගොස් ඇති බව වරාය පොලිසිය පවසයි.

එම ආයතනයේ කළමනාකරු විසින් වරාය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇත.

සැකකරුවන් විදේශ මත්පැන් බෝතල් 250 ක් සහ විදේශීය දුම්වැටි 1500 ක් සොරාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි

සැකකරුවන් මෙතෙක් හදුනාගෙන නොමැති අතර සී.සී.ටී.වී දර්ශන ඔස්සේ විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතය.