ඩිසල් පෙට්‍රල් මාරුවේ අලි කලබලයක්


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආඩිගම සිපෙට්කෝ ඉන්ධනහලින් සිදුවූ අතපසුවීමක් නිසා පෙට්‍රල්වාහනවලට ඩීසලුත්, ඩිසල් වාහනවලට පෙට්‍රලුත් ලබා දීම නිසා එම ඉන්ධනහල අසල නොසන්සුන්තාවයක් ඇතිවු බව ආණමඩුව පොලිසිය කියයි.

යතුරු පැදි ත්‍රිරෝද රථ,ලොරි, මෝටර් රථ අතුළු වාහන 3000 කට ආසන්න සංඛ්‍යාවක්  ඉන්ධන ලබාගෙන ඇති අතර ඒ හේතුවෙන් වාහන අතර මග නැවති ඇතැයි වාර්තා වෙයි. 

පෙට්‍රල් වාහන හිමිකරුවන් චෝදනා කරන්නේ තමන් ඉන්ධනහලින් ලබා ගත් පෙට්‍රල් ඩිසල් වලට සමාන බවයි.එසේම ඩිසල් වාහන හිමිකරුවන් චෝදනා කරන්නේ ද තමන්ට ලබා දී ඇත්තේ ඩිසල් නොවන බවත් එය පෙට්‍රල් වලට සමාන බවය.

කෙසේ වෙතත් ඉන්ධන හලින් ඉන්ධන ලබා ගත් සියලුම වාහන අතර මග නැවති යාමත් සමග උණුසුම් තත්වයක් මතුව තිබුනී.

මේ පිළිබදව ඉන්ධන හලේ කළමණාකාරිත්වය පවසා සිටින්නේ මේ සම්බන්ධ තමන් වාහන හිමිකරුවන්ට වගකිව යුතු නමුත් මෙහි වරද කර ඇත්තේ  ඉන්ධන රැගෙන ආ බවුසරයේ රියදුරු හා සහයකයා බවයි.