ඩීඑස් සම්මාන උළෙලේදී ජනප්‍රියම පුවත්පතට හිමි සම්මානය ලංකාදීපයට


කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ වාණිජ සංගමය වාර්ෂිකව සංවිධානය කරන සන්නාම සම්මාන උළෙලේ දී වසරේ ජනප්‍රියතම පුවත්පත වශයෙන් ලංකාදීප පුවත්පත සම්මානයෙන් පිදුම් ලැබීය.
 
මෙම සම්මාන උළෙල අද කොළඹ බටහිර පළාත් සෞන්දර්ය නිකේතන මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. 
 
ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ නිරෝෂණ ගොඩැල්ලගේ මහතා  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අතින් එම සම්මානය ලබා ගත් අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
 
ඡායාරූප ලහිරු හර්ෂණ