තබ්බෝව ජලාශයේ වාන් දොරටු 20ම විවෘත කරයි


(ජයරත්න වික්‍රමාරච්චි)

කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන් දොරටු සියල්ල අද (20)  විවෘත කළ බව පුත්තලම දිස්ත්‍රික් වාරිමාර්ග කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව, වාන් දොරටු 20ක් විවර කර තිබේ. තබ්බෝව ජලාශයේ වාන් දොරටු වලින් 16 ක් අඩි 3 බැගින් ද දොරටු 4 ක් අඩිය බැගින් විවෘත කර තිබේ.