තබ්බෝවේ වාන් දොරටු 4 ක් යළි විවෘත කරයි


 

 

වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන් දොරටු 4ක්  අද(7) උදෑසන වනවිට නැවත විවෘත කළ බව  පුත්තලම වාරිමාර්ග කාර්යාලය පවසයි.

පසුගිය ඔක්තෝබර් මස 25  සහ නොවැම්බර් 1 යන දෙදින තුළද තබ්බෝව ජලාශයේ වාන් දොරටු 6 ක් විවෘත කෙරිණි.

(ජයරත්න වික්‍රමාරච්චි)