තමා විශ්වාසභංගයෝජනාවක් හරහා ධුරයෙන් ඉවත් කිරීමට උත්සහ දරණ විදේශීය බලවේගය ලෙස පකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, ඇමෙරිකා එක්සත් ජනපදය නම් කර ඇත.
නම පැවසීමට නොහැකි විදේශීය රටක් තමාට එරෙහිව පැවැත්වෙන විශ්වාසභංග යෝජනාවේදී තම ධූරය අහිමිවනු දැකීමට නොඉවසිල්ලෙන් සිටින බව අගමැති ඉම්රාන් පසුගියදා ප්‍රකාශ කළේය.
ඇමෙරිකාව නැහැ ඇමෙරිකාව නෙමේ නම කියන්න බැරි විදේශීය රටක් අපේ රටේ දේශපාලනයට ඇඟිලි ගහනවා පසුගිය දා තමාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම කල් යෑමෙන් පසු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ජාතිය අමතමින් අගමැති ඉම්රාන් පැවසුවේය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ පකිස්තානු තානාපති විසින් ඇමෙරිකානු රාජ්‍ය නිලධාරියෙකුගේ හඬ පටයක් අගමැති ඉම්රාන් හට ලබා දී ඇති අතර එම නිලධාරියා ඉම්රාන් නොමැති රජයක් සමග ඇමෙරිකා එක්සත් ජනපදයේ ද්වි පාර්ශවික සම්බන්ධතා වඩාත් තහවුරු වනු ඇතැයි පවසන ආකාරය පටිගත වී ඇතැයි සඳහන් වේ.
(රොයිටර්)