තරුණියට දිවි අහිමි කළ යතුරු පැදි අනතුර


(බී.ජි. චතුරංග) 

ගල්නෑව සිට අනුරාධපුර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ එම දිශාවටම  පියකු සහ දියණියක ගමන් කළ  යතුරු පැදියක් එකිනෙක ගැටී සිදුවූ රිය අනතුරකින්  යතුරු පැදියේ ගමන් දියණිය, ජීවිතක්ෂයට පත්ව, පියා  තුවාල ලබා ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුර පන්ඩුලගම පිහිටි රජයේ උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ  ඉගෙනුම ලබමින් සිටි    සඳරේකා සුබෝධනී හේමන්ත නැමැති 20 හැවිරිදි  තරුණියකි. 

පාඨමාලාවකට සහභාගි වීම සඳහා පියා සමග යතුරු පැදියෙන් පැමිණෙමින්  සිටියදී අනුරාධපුර  පාදනීය ඒ 28 මාර්ගයේ  , කිලෝ මීටර් 79 සහ 80 කණුව අතර ශ්‍රාවස්තිපුර  පහේ ඇල හංදිය  අසලදී ඊයේ (8දා) මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.