(අංජුල මහික වීරරත්න)
මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් කලක් තාවකාලිකව නවතා තැබූ තලෙයිමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය හෙට (12) සිට නැවත ආරම්භ කිරීම සදහා කටයුතු සැලසුම්කරන ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා ගුවන්සේවා ගරු ඇමති විජිත හේරත් මහතා උපදෙස් දී තිබේ.
ඒ අනුව කොළඹ කොටුව සහ තලේමන්නාරම අතර හෙට සිට පහත පරිදි දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
* අංක 5003 - කොළඹ කොටුව - තලෛමන්නාරම,
කොළඹ කොටුවෙන් පිටත්වීම ප.ව.16.15 - තලෛයිමන්නාරමට ලඟාවීම ප.ව.22 15 (2024.11.12 දින සිට)
* අංක 5004 - තලෛමන්නාරම - කොළඹ කොටුව
තලෛමන්නාරම පිටවීම පෙ.ව. 04.15 - කොළඹ කොටුව ලඟාවීම පෙ.ව.10.15 (2024.11.13 දින සිට)