තවත් තෙල් නැවකට ප්‍රහාරයක්


යේමනයේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්, ගල්ෆ් ඒඩන් මුහුදේ යාත්‍රා කරමින් තිබූ තෙල් නැවකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

විදෙස් වාර්තා අනුව‍්ම මිසයිල ප්‍රහාරයෙන් නැවේ එක් භාණ්ඩ බහාලුමක ගින්නක් හටගෙන ඇත. කාර්ය මණ්ඩලය එය නිවා දැමීමට යුහුසුළු විය.

යේමනයේ ෂියා මුස්ලිම් සටන්කාමීන්, භාණ්ඩ ප්‍රවාහන නැව්වලට පහර දෙන්නේ, ඊශ්‍රායලට හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙද්දී, ගාසා තීරයේ පලස්තීනුවන් මියයෑමට විරෝධය දක්වමිනි.