(අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍රකාශ කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී හා දිසාපති චාමින්ද හෙට්ටිආරච්චි මහතා පැවසීය .
තැපැල් ඡන්දය ගණන් කිරීම පස්වරුව 04.15 ට ආරම්භ වූ අතර සියලුම ඡන්ද පෙට් ලැබීමෙන් පසු අනෙකුත් ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සූදානම් කර ඇති බව තේරීම් නිලධාරියා කීහ .
මේ වන විටත් ඡන්ද පෙට්ටි ලැබෙමින් පවතින අතර මධ්‍යස්ථාන 318 ක ඡන්ද පෙට්ටි ලැබීමෙන් පසු ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.තැපැල් ඡන්ද ප්‍රතිඵල රාත්‍රි දහය වෙන විට ලබාදීමට හැකි බවද තේරීම් භාර නිලධාරිය විශ්වාසය පළ කළේය