(අජිත්ලාල් ශාන්තඋදය)
කුරුගංමෝදර බදුවත්ත මාර්ගයේ හතේ කණුව ප්‍රදේශයේදි ත්‍රිරෝද රථයක් පෙරළී එහි ගමන්ගත් පුද්ගලයකු ඊට යටවීමෙන් මියගොස් ඇති බව කිරිඇල්ල පොලිසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ මියගිය තැනැත්තා සහ තවත් කාන්තාවක් ගමන් කර තිබුණු බව ද පොලිසිය පැවසුවේය.
රියදුරු බිමතින් සිටි බව පෙනෙන්නට තිබු නිසා ඒ බව තහවුරු කරගැනීමට අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට නියමිත බව ද පොලිසිය පැවසුවේය.
මියගොස් ඇත්තේ මාටුවාගලල හතේ කණුව ලිපිනයේ පදිංචි ආනන්ද වික්‍රම (59) නැමැත්තෙකි.