ත්‍රි‘මලේ භද්‍රකාලී කෝවිලේ තේරු මංගල්‍යයෙන්


(අමදෝරු අමරජිව )

ත්‍රිකුණාමලය භද්‍රකාලි  අම්මාන් කෝවිලේ වාර්ෂික තේරු මංගල්‍ය  මේ දිනවල විශාල හින්දු බැතිමතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

දිවයිනේ සතර දිශාවෙන් ම එන හින්දු බැතිමතුන්ට අමතරව යුද ගැටුම් නිසා විදේශීය රටවල පදිංචියට  ගිය ශ්‍රි ලාංකික පිරිස් ද මෙම තේරු මංගල්‍යයට සහභාගිවිම විශේෂත්වයකි.

අව් රශ්මිය නොතකා භද්‍රකාලි දෙවියන් වන්දනා කිරිමට කෝවිල ඉදිරිපිට විශාල  සෙනගක් රැස්වි සිටින අතර බිම පෙරලෙමින් කෝවිල වඩා පැදකුණු  කිරිමට විශාල පිරිසක්ද එක් වුහ.

පූජක රවිචන්ද්‍රන්  කුරුක්කල් තුමා විසින් සියලු ආගමික කටයුතු මෙහිදි පැවැත්විම සිදුකරණු ලබයි.