තායිලන්ත අගමැති ප්‍රයුත් චාන් ඕ චා හට සිය අග්‍රාමාත්‍ය ධුරයේ දිගටම රැඳී සිටිය හැකි බව තායිලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය අද (30) නඩු තීන්දුව ප්‍රකාශය පත් කරමින් නියම කළේය.
අගමැතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් විපක්ෂය ගොනුකළ පෙත්සමක් විභාගයට ගනිමින් තායිලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය අගමැති ප්‍රයුත් චාන් ඕ චා ගේ ධුරය පසු ගිය අගෝස්තු මස 24 වැනිදා අත්හිටුවුවේය.
තායිලන්ත ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍ය වරයාගේ ධුර කාලය වසර 8 කි.අගමැති ප්‍රයුත් චාන් ඕ චා හමුදාපති ලෙසත් සිවිල් වැසියෙකු ලෙසත් අගමැති ධුරයේ කටයුතු කළ බැවින් ඉකුත් අගෝස්තු මස 24 වැනිදා ධුර කාලය සම්පූර්ණ වන බව පවසමින් විපක්ෂය පෙත්සම ගොනු කළේය.
තායිලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය තීන්දුව ප්‍රකාශ කරමින් අගමැති ප්‍රයුත් තම වසර 8 ක ධුර කාලය සම්පුර්ණ කර නොමැති බව තීරණය කළේය.අගමැති ප්‍රයුත්ගේ ධුර කාලය නව ව්‍යවස්ථාවත් සමඟ 2017 වසරේ සිට ආරම්භ වන බව විනාඩි 25 ක දීර්ඝ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පවසා ඇත.
(රොයිටර්)