(අංජුල මහික වීරරත්න)
මෙරට තායිලන්ත තානාපති පයිටුන් මහපන්නපොන් (Paitoon Mahapannaporn) මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාත්මක රජයේ වැඩපිළිවෙල පිළිබඳව තායිලන්ත තානාපතිවරයා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට මෙහිදී ප්‍රසාදය පළ කළ අතර, ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ ශක්තිමත් කරලීම සඳහා තායිලන්ත රජයේ සහාය අඛණ්ඩව ලබා දෙන බව ද ප්‍රකාශ කළේ ය.
මෙම වසරේ දී තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 70 වන සංවත්සරය වන බවත්, එය දෙරටේ ම ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ඉස්මතු කරන බැවින් මෙම සැමරුම වෙනුවෙන් මෙරට මහනුවර ජාතික රෝහල කෙන්ද්‍ර කර ගනිමින් විකලාංග වෛද්‍ය හැකියාවන් වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව තායිලන්ත තානාපති පයිටුන් මහපන්නපොන් මහතා මෙම හමුවේ දී ප්‍රකාශ කළේය.