තැපැල් ඡන්දයට ලොකු උනන්දුවක්


මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (04) සිට ඇරඹුණු බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.

අද සිට දින තුනක් හෙට  (05) සහ අනිද්දා (06)  තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව පවතින බවද එම කොමිෂන් සභාව පවසයි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිශන් සභාවේ කාර්යාල, ජ්‍යෙෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසය යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමිවෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

(ඡායාරූපය: කේ බුද්ධික කුමාරසිරි)


වන්නි මැතිවරණ කොට්ඨාසය

(ඡායාරූපය: සිතුම් චතුරංග)


හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

(ඡායාරූපය: සනත් ගමගේ)