තැපැල් ජන්ද සලකුණු කිරීමට අද සහ හෙට අවස්ථාව


 (මහින්ද නිශ්ශංක )

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (7) හා හෙට (8) අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් 30, නොවැම්බර් 01 හා 04 තෙදින තුළ තැපැල් ජන්ද සලකුණු කිරීමට නොහැකි වූ රාජ්‍ය ආයතනවල තැපැල් ජන්ද දායකයින්ට , ත්‍රිවිධ හමුදා කඳවුරුවල නිලධාරීන්ට තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී සිය තැපැල් ජන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.

මෙවර මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සළකුණු කිරීම සඳහා තැපැල් ජන්දදායකයින් 738050 දෙනෙකු සුදුසුකම් ලබා සිටි බව ද කොමිසම වැඩි දුරටත් සඳහන් කළේය.