තැපෑලේ පුරප්පාඩු හයදාහසට ආසන්නයි


(ජේ.කේ.එල්. චාමින්ද)

තැපැල් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු  5,913ක් පවතින බව  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය කරයි.

තැපැල් දෙපරේතමේන්තුව සදහා  අනුමත සේවක සංඛ්‍යාව 27,372කි.

එහෙත් දැනට  සිටින සේවකයන් සංඛ්‍යාව 21,459ක් බවද විගණන වාර්තාවේ සදහන් වේ.

එමෙන්ම අනිකුත් ශ්‍රේණි හා සේවාවල  පුරප්පාඩු 3,660ක් සහ ජ්‍යෙෂ්ඨ මට්ටමේ  සේවාවල පුරප්පාඩු  63ක් පවතින බවද විගණන වාර්තාවේ සදහන් වේ.  

මෙකි පුරප්පාඩු පිරවිමට කටයුතු කර නොතිබුණි.