තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි


(සුමිත් පොතුපිටිය)

කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි  තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර ,  සේරුපිට ජනපදයේ පදිංචි  පුන්සිරි කුමාර (42) හැවිරිදි   පුද්ගලයෙකු බව පොලිසිය කීයයි.

කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ නිළධාරින් පරීක්ෂණ පවත්වති .