තීරුබදු රහිත වාහන ගත් අයට මැයි 1න් පසු ණයවර ලිපි


(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)
 
ඉකුත් දෙසැම්බර් 31වැනිදාට පෙර තීරුබදු රහිත වාහන ලබාගත් පුද්ගලයන් සඳහා  ලබන මැයි මස 1වැනිදාට පසු ණයවර ලිපි විවෘත කිරීමට අවස්ථාව ලබාදෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද(05) පැවසීය.
 
රුපියලේ අගය සීඝ්‍රයෙන් අවප්‍රමාණයට වූ නිසා පසුගිය කාලයේ රථවාහන ආනයනය කිරීම සීමා කළද මේවනවිට එම සීමාවන් පියවරෙන් පියවර ඉවත් කරමින් සිටින බව කී ඇමතිවරයා ඕනෑම බලපත්‍ර හිමියකුට ජූනි මස 1වැනිදාට පසු ණයවර ලිපි විවෘත කළ හැකි බවද පැවසීය.