තුවාල වූ වන අලියෙක් තබ්බෝවේ කුඹුරකට පනී


(රෝවන් පෙරේරා)
 
දකුණු කකුලට වෙඩි වැදී තුවාල වූ වන අලියෙකු තබ්බෝවේ 7 වන කණුව ප්‍රදේශයේ කුඹුරකට කඩා වැදීම හේතුවෙන් ජනතාව බියපත්ව සිටිති.
 
අලියා 25-30ත් අතර වයසේ පසුවන සතෙකි.
 
ඊයේ රාත්‍රියේ සිට කුඹුරේ සිටින මෙම අලියාට ප්‍රතිකාර කිරීම සඳහා කරුවලගස්වැව වනජීවි නිලධාරීහු මේ වනවිට එහි ගොස් සිටිති.