තුවාලකරුවන් බලන්න ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදා රෝහලට යයි


(ළහිරු හර්ෂණ)

පාර්ලිමේන්තු මාර්ගය පොල්දූව හන්දිය අසල දී අරගලකරුවන්ගේ ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ යුද හමුදා සාමාජිකයන්ගේ සුවදුක් සොයා බැලිමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදා රෝහලට අද සවස ගියේය.

විරෝධතාවය අතරතුර යුද හමුදාවට ඊයේ(13) රාත්‍රී එල්ල වූ එම  ප්‍රහාරයෙන් යුද හමුදා සාමාජකියෝ සහ පොලිසියේ පිරිසක් තුවා ලදහ.

එම පිරිස යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබති.