තුවාලකරුවන් බලන්න වැඩබලන ජනපති හමුදා රෝහලට යයි


(අංජුල මහික වීරරත්න)

බත්තරමුල්ල පාර්ලිමේන්තු පිවිසුම අසල පොල්දූව මංසන්ධියේ දී ඉකුත් 13 වැනිදා ඇතිවූ නොසන්සුන්තාව යේදී තුවාල ලැබූ හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද යුද හමුදා රෝහලට ගියේ ය.

එහිදී ජනාධිපතිවරයා හමුදා සාමාජිකයන් සමග සුහඳ පිළිසදරක ද නිරත විය.

මෙම අවස්ථාවට යුද හමුදාපතිවරයා ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.