ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකා එක්සත් ජනපදයේ බොරතෙල් මිල ගණන් දරුණු කඩා වැටීමකට ලක්ව ඇත.
ඒ අනුව බොරතල් බැරලයක මිල ඍණ අගයකට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
තෙල් නිෂ්පාදනය කරන්නන් තෙල් මිලදී ගන්නැයි ඉල්ලමින් මිලදී ගන්නන්ට මුදල් ගෙවීම බොරතල් බැරලයක මිල ඍණ අගයකට පත්වීම යන්නෙන් අදහස් කෙරේ.
තෙල් නිෂ්පාදකයන්ගේ ගබඩා පහසුකම් ද මේ වනවිට සම්පූර්ණයෙන් භාවිතයට ගෙන ඇති අතර මැයි මාසයේදී නිෂ්පාදනය කරන තෙල් ගබඩා කිරීමට ද නොහැකි වනු ඇතැයි පැවසේ.
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබෙන ‘ලොක්ඩවුන’ හෙවත් රටම වසා දැමීමේ ක්‍රියාමාර්ග සහ දැඩි සීමා හේතුවෙන් තෙල් සඳහා ඇති ඉල්ලුම සීග්‍රයෙන් පහළ ගොස් ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස අතිරික්ත තෙල් සැපයුම ගබඩා කිරීම සඳහා තෙල් ටැංකි කුලියට දීමට තෙල් සමාගම්වලට සිදුව ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ බොරතෙල් මිල ගණන් ඍණ අගයක් දක්වා පහත වැටීමට හේතු වූයේ එම තත්ත්තවයයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ බොරතෙල් මිල ගණන් මිණුම් තබන ‘වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට්’ වෙළෙඳපොළේ බොරතල් බැරලයක මිල දැක්වුණේ ඇමෙරිකානු ඩොලර් ඍණ 37.63ක් ලෙසය.
කෙසේ නමුත් අද (21) පස්වරු වනවිට බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් ඍණ 5කට ආසන්න අගයක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
බී.බී.සී./ඒ.එෆ්.පී.
055