තේ පාලන පනත සංශෝධනයට


(අංජුල මහික වීරරත්න)

තේ පාලන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

1957 අංක 51 දරන තේ පාලන පනතට පහත සඳහන් කරුණු ඇතුළත් කරමින් සංශෝධනය කිරීම සඳහා 2021-01-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

* තේ කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කාර්යයේදී වර්ග කිරීමෙන් අනතුරුව බැහැර කරනු ලබන තේ සඳහා "ප්‍රතිසැකසුම් තේ" (Reclaimable Tea) ලෙස නිර්වචනයක් හඳුන්වා දීම.

* ප්‍රතිසැකසුම් තේ වලින් තවදුරටත් නිමි තේ නිස්සාරණය කළ පසු ඉතිරි වන කොටස " ප්‍රතික්ෂේපිත තේ" (Refuse Tea) ලෙස නම් කිරීම.

* තේ සැකසුම්කරුවන් (Tea Processors) ලියාපදිංචි කිරීම, ඔවුන්ට බලපත්‍ර නිකුත් කිරීම සහ පරිපාලනය කිරීම ඇතුළු ඔවුන්ට බලපාන අනෙකුත් නෛතික ප්‍රතිපාදන ඇතුළත් කිරීම.

නීති කෙටුම්පත් සම්පාදක විසින් මේ වන විට එකී පනත සංශෝධනය කිරීමේ කටයුතු සිදු කරමින් පවතින අතර, ඒ සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය එකඟතාව ලබා ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇත.

ඒ අනුව, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, එකී පනත් කෙටුම්පත සකස් කිරීමේ කාර්යය කඩි නමින් නිම කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්ති අනුමැතිය ලැබී ඇත