දක්ෂිණ අධිවේගයේ පිවිසුම් මාර්ගයේ වී වේළති



(ජී. ඩබ්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
 
අක්මීමන ගොවීන් මෙවර ලැබූ වී අස්වැන්න, දක්ෂිණ අධිවේගයේ පිවිසුම් මාර්ගයේ පින්නදූවේ මංතීරුවක කිලෝමීටර් දෙකක් තුනක් පමණ දුරක වියළෙනු පිණිස අතුරා තිබෙනු මේ දිනවල දැකිය හැකිය.
 
පුරන් කුඹුරු වගාකර අස්වැද්දවීම තුළින් මෙවර වාර්තාගත වී අස්වැන්නක් ලැබූ බවද, ලැබූ අස්වැන්න වේලාගැනීම සඳහා තම නිවාසවල ස්ථාන නොමැති බවද මේ හේතුවෙන් අධිවේගී මාර්ගයේ වී අතුරා වියළා ගැනීමට ක්‍රියාකරමින් සිටින බවද අක්මීමන ගොවීහු පැවසූහ.