දක්ෂිණ අධිවේගී මාර්ගයේ පස්කන්දක් නාය යයි


( බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන්  දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර්  12.5  බද්දේගොඩ ප්‍රදේශයේ පස් කන්දක් නායයාමට ලක්ව තිබේ. 

ගැලනිගම සහ කහතුඩුව අතර කොළඹ දෙසට ගමන් ගන්නා  මාර්ගයේ වම්පස   පස්කන්දක්  නායයාමට ලක්ව ඇත. එම නාය යාමෙන් පැති    බැම්මකට  හානි සිදුවී තිබේ. 

නායයාමට ලක්වූ පස් ඉවත් කිරීම සඳහා ආරක්ෂිත පියවරක් අනුගමනය කරමින්   මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් කටයුතු කරන අයුරු දක්නට ලැබිණි .

මේ හේතුවෙන්  වාහන ගමනාගමනයට  බාධාවක් වී නැති බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවැසීය