දකුණු ආසියාවේ විශාලම වකුගඩු රෝහල හෙට ජනතා අයිතියට


(රංජන් කස්තුරි සහ ඩබ්ලිව්.ඒ.පියතිලක)

දකුණු ආසියාවේ විශාලතම වකුගඩු  රෝහල හෙවත් ‘‘ජාතික වෘක්ෂවේද විශේෂිත රෝහල‘‘ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (11) ජනතා අයිතියට පත් කරන බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා කියයි

2015 වසරේදී චීන සංචාරය කළ අවස්ථාවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිටිසේන මහතා  කළ ඉල්ලීමකට අනුව චීන රජය එම පරිත්‍යාගය කර තිබිණි.

(රංජන් කස්තුරි සහ ඩබ්.ඒ. පියතිලක)

රුපියල් කෝටි 1200 ක වියදමින් ඉදිකර ඇති මෙම රෝහලෙහි ඇඳන් 200කින් හා රුධිර කාන්දුකරන ඇඳන් 100ක් අධි තාක්ෂණයෙන් යුත් ශල්‍යාගාර 5ක් හා දැඩි සත්කාර ඒකක දෙකකින් සමන්විත බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා පවසයි.

නවීන තාක්ෂණයෙන් යුත් බාහිර හා නේවාසික ප්‍රතිකාර ඒකක සහිතව ඉදිකෙරෙන මෙම රෝහලේ කාර්ය මණ්ඩලයට අංග සම්පූර්ණ නේවාසික පහසුකම්වලින් යුක්තය.