දහ අට වංගුව පිරිසිදු කර පැළ සිටුවයි


(නිශාන්ත කුමාර)                                            

මහියංගන - මහනුවර- ප්‍රධාන  මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයේ කිලෝ මිටර් අටක කොටසක මාර්ගය පිරිසිදු කිරිමේ හා පැළ සිටුවිමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මිනිපේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය   පියවර ගෙන තිබේ.                                       

මාර්ග පද්ධතිවල සුරක්ෂිතතාවය හා වනාන්තර ආශ්‍රීතව ගැවසෙන වන සතුන්ගේ සුරක්ෂිතතාවය ආරක්ෂා කිරිම අරමුණු කරගනිමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.                                               

මිනිපේ ප්‍රාදේශීය ලේකම් දිල්කි වත්සලා මාරඹගේ මහත්මියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත එම කාර්යාලයේ  නිලධාරීන්ගේ,  ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක බළකායේ හා   කාන්තා සමිති සාමාජිකාවන්ගේ  සහභාගීත්වයෙන්  වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.