(සනත් ගමගේ)
2024 ජනාධිපතිවරණය හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහවල් 2 වනවිට සියයට 60 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී එච්.පී සුමනසේකර මහතා පවසයි.
උදෑසන කාලයේ ඡන්ද මධ්‍යස්ථානවල තරමක පෝලිමක් දක්නට ලැබුනු අතර දහවල්වන විට එය අඩුවී ඇත.
ඡන්දය ප්‍රකාශ කිරිමට ඡන්ද මධ්‍යස්ථාන කරා පැමිණෙන පිරිස්වල අඩුවක් දක්නට ලැබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයෙ ඡන්ද මධ්‍යස්ථාන 216 තුල සාමකාමි ලෙස ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කරන අතර කිසිදු මධ්‍යස්ථානයක කිසිදු සිද්ධියක් වාර්තා වි නැති බවද තේරීම්භාර නිළධාරී වරයා සඳහන් කළේය.