දැන් බෝඩ් අල්ලන අය නැති නිසා ආයෝජකයන්ට එන්න කියන්න


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රටට ආයෝජකයන් එන විට දැන් විරෝධතා  බෝඩ් අල්ලන්නට කවුරුත් නැති නිසා කඩිනමින් ආයෝජන ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි පත් කළ මන්ත්‍රී රවී කරුණානායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"දූෂණය නැති කර ඉතිරි කිරීම් කරන බව ආණ්ඩුව කිව්වා. වාචිකව කිව්වාට වැඩක් නෑ. කොතරම් ඉතුරු කර තිබේදැයි පෙන්වන්න පුළුවන් නම් හොඳයි.ආයෝජකයන්ට බාධා ගොඩක් තිබෙන බව ජනපති පිළිගෙන තිබෙනවා ඒක බොහොම හොඳ කාරණයක්.ආණ්ඩුව අපට බැනලා අපේ පාරෙම යන්න. කිසිම ප්‍රශ්නයක් නෑ.දැන් රටේ බෝඩ් අල්ලන්න කවුරුවත් නෑ ඒක නිසා ආයෝජකයන්ට එන්න බාධාවක් නෑ.කඩිනමින් ආයෝජන ගෙන්වා ගැනීමට කටයුතු කරන්න යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.