දැරියන් දෙදෙනකුට අතවර කළ ගණිත ගුරා අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ගණිත විෂය උගන්වන මුවාවෙන්  වයස අවුරුදු 14 හා 15 දැරියන් දෙදෙනෙකුට අතවර කළ  හොරණ  වගවත්ත  ප්‍රදේශයේ පාසලක ගණිත ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.

 කොළඹ ළමා ආරක්ෂණ අධිකාරියට එම අතවර සම්බන්ධයෙන් ලද දුරකථන පණිවිඩයක් අනුව ලද පැමිණිල්ලට අදාළව විමර්ශන ආරම්භ කර වින්දිත දැරියන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සැකකාර ගුරුවරයා ඊයේ (29) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

විද්‍යාලයේ ගුරු විවේකාගාරයේදී සැකකාර ගුරුවරයා දැරියන්ට ලිංගික අතවර සිදුකර තිබූ අතර ඒ සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්කියක්ද පොලිසිය වෙත ඉදිරිපත්ව තිබූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

වින්දිත දැරියන්ගේ ප්‍රකාශයන් හා ඇසින් දුටු සාක්කිකරුවෙකුගේ ප්‍රකාශ අනුව  අතවර සිදුකළ විවාහක ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත