(ඩි ඥානසිරි හෙට්ටිආරච්චිගේ)
ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධාරි චින්තක අබේවික්‍රම මහතා ප්‍රකාශ කලේය.
දිගාමඩුල්ල ,කල්මුනේ,පොතුවිල් සහ සම්මන්තුරේ ජන්ද බල ප්‍රදේශවලට අයත් මධ්‍යස්ථාන 528 ක ජන්ද විමසීම සිදුවූ අතර, මේ වනවිට ජද ගණන් කිරීමේ මධ්‍යස්ථානයවන අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනය වෙත ජන්ද පෙට්ටි ලැබෙමින් පවතින බව ද, ඒ මහතා සදහන් කලේය.
තැපැල් ජන්ද ගනන් කිරීම ප.ව.5.00 ට ආරම්භ කළ අතර, ගණන්කිරීමේ ශාලා12 ක ගණන් කිරීම සිදුවෙන බව ,ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ජන්දය ගනන් කිරීම සදහා ගනන් කිරීමේ ශාලා 42 ක් සූදානම්කර ඇති බවත්, නිලධාරීන් 3000 කට වැඩි ප්‍රමාණයක් යොදවන බවත් සදහන් කල චින්තක අබේවික්‍රම මහතා , රාත්‍රී 8.00 ට්ම පමණ වනවිට ජන්දය ගණන් කිරීම ආරම්භ කිරීමට හැකි බවට විස්වාසය පලකලේය.