දිඹුලාගල දරුවෝ ඔන්ලයින් කරන්න මහා වන මැද අවදානම් ගමනක


(නිමල් ජයරත්න)

වල්අලින්ගේ දැඩි තර්ජන ඇති ප්‍රදේශ හරහා  විවිධ දුෂ්කරතා මැද දිඹුලාගල කන්ද තරණය කර ඔන්ලයින් හරහා අධ්‍යාපනය කිරීමට තම දරුවනට සිදුව ඇතැයි දිඹුලාගල වෙහෙරගම ගම්මානයේ අපට හමුවිය.

කිලෝ මීටර් පහක් පමණ පා ගමනින් හා අත්ට්‍රැක්ටරයකින් ගමන් කරන මෙම දරු දැරියෝ දිඹුලාගල කොස්ගහඋල්පත ප්‍රදේශයේ කඳුමුදුනට පැමිණ මෙසේ අධ්‍යාපනය හදාරති.

දිඹුලාගල අධ්‍යාපන කලාපයේ මැදගම, වෙහෙරගම, ලීලාරත්න විලයාය, ඇතුළු අවට පාසල්වල ඉගෙනුම ලබන දරු දැරියෝ  මෙම දුෂ්කරතාවයට මුහුණ පා සිටිති.

ඇතැම් දරුවන්  ඔන්ලයින් හරහා අධ්‍යාපනය කිරීමට ගල්උඩ, ගස්උඩ මෙන්ම කුඹුරුවලට ඉදිකළ අට්ටාල මත ද සංඥා සොයා යන බව ද මවුපියෝ කියති.

ඇතැම් දරුවන්ට ස්මාර්ට් ඡංගම දුරකතන නොමැති නිසා දැඩි අපහසුතාවයට පත්ව සිටිති.