(නිමල් ජයරත්න)
ඓතිහාසික දිඹුලාගල කඳු මුදුනින් හමු වූ ශ්‍රී ලංකාවේ විශාලතම සෙල්ලිපිය වසර 2,200ක් පමණ පැරණි බවට අනුමාන කෙරෙන සාක්කි ලැබී ඇතැයි ඒ පිළිබඳ පර්යේෂණ කණ්ඩායමේ නායක මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරචිචි මහතා සඳහන් කරයි.
සෙල්ලිපිය සම්බන්ධව තොරතුරු අනාවරණය කිරීම සඳහා පත්කරන ලද විද්වත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා 10 වෙනිදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී අනාවරණය කර තිබේ.
එම වාර්තාවේ මෙසේ ද සඳහන් කර තිබේ.
මෙම සෙල්ලිපිය මෙය මෙතෙක් මෙරටින් හමු වී තිබෙන පූර්ව බ්‍රාහ්මීය අක්ෂරවලින් ලියන ලද විශාලතම ශිලා ලේඛනය බව ද මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරචිචි මහතා සඳහන් කරයි.
මෙම සෙල්ලිපියේ මුලතන, දෙවතන, බදනනම, අරිහබැංකුවලට සමාන මූල්‍ය ආයතන තුනක් පිළිබඳව සඳහන් බවද කරුණාසේන හෙට්ටිආරච්චි මහතා හෙළිදරව් කර ඇත.
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කදු මුදුනෙන් 2023 වසරේ සැප්තැම්බර් මාසයේ සොයාගත් දිගින් අඩි 50 කින් සහ උසින් අඩි 09 කින් පමණ සමන්විත මෙම සෙල්ලිපිය 2023 වසරේ ඔක්තෝබර් 26 වෙනිදා සිට මාසයක් කාලයක් පුරා සෙල්ලිපිය පිටපත් කෙරිණි.
විශේෂයෙන් පූර්ව බ්‍රාහ්මී අක්ෂරවලින් සමන්විත මෙම සෙල්ලිපිය ක්‍රිස්තු පූර්ව 137 සහ 119 යන කාල වකවානුවට අයත් බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ විද්වත් මණ්ඩලය හඳුනාගෙන තිබුණි.
ආදි බ්‍රාහ්මීය අක්ෂර 24 ක් ලංකාවේ මෙතෙක් හමුවී ඇති අතර ඉන් අක්ෂර 23 ක් මෙම ශිලා ලේඛනයෙහි සඳහන්ය.
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ ඒ පිළිබඳ ගවේෂණය සිදු කළ මහාචාර්යවරුන්ගේ සහ විද්වතුන්ගේ දායකත්වයෙන් හා කැපවීමෙන් මෙම සෙල්ලිපිය අවස්ථා කිහිපයකදීම පිටපත් කරමින් කියැවීමට කටයුතු කළහ.
මහාචාර්යවරයා ඇතුළු පිරිස ඉදිරිපත් කළ වාර්තා වේ මෙසේ ද සඳහන් වේ
මෙම සෙල්ලිපියක් සද්ධාතිස්ස රජුගේ සමයේදී ලියන ලද්දක් බවත්, මින් අනුරාධපුර රාජධානි සමයේ මුල් අවධියේ දේශපාලන, ආර්ථික, ආගමික, සාමාජික, තොරතුරු රැසක් අනාවරණය වේ, එය වටිනා උරුමයක් වශයෙන් ආරක්ෂා කළ යුතුයි, මෙම සෙල්ලිපියේ කෘෂි හා වෙළඳ ආර්ථිකය පිළිබඳවත්, කුඹුරු බදු, බිම්බදු, ඉඩම් කොටස් ආරාමවලට පූජා කිරීම, එම බදු ආරාමවලට යොදාගත යුත්තේ කෙසේද යන්නද සඳහන්ව ඇතැයිද මහාචාර්යවරයා එම මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයෙ කඳුමුදුනින් සොයාගත් මෙම ශිලා ලේඛනය ස්වභාවික සංසිද්ධියක් නිසා පුපුරා දෙපළ වූ ගල් කුලක පූර්ව සකස් කිරීමකින් තොරව ලියන ලද්දකි, මෙහි අක්ෂර පේළි 11 ක් දක්නට ලැබෙන බවත්, එය ලිවීම සඳහා පූර්ව බ්‍රාහ්මී අක්ෂර මාලාව යොදාගෙන ඇතැයි මහාචාර්යවරයා මෙහිදී හෙළිදරව් කර ඇත.
මෙම සෙල්ලිපියට අක්ෂර වර්ග 23 ක් භාවිතා කර ඇති අතර සංකේත වර්ග දෙකක් ද එහිදී හඳුනාගෙන තිබෙන බවද මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
භාෂාව ලෙස ගත් විට සිංහල ප්‍රකෘති භාෂාව භාවිතා කර ඇති බවත්, මෙම ශිලා ලේඛනයේ '' මහරජ තිශ '' ලෙස සඳහන්ව තිබෙන බවත්, ඉන් හැඳින්වෙන්නේ සද්ධාතිස්ස රජු සම්බන්ධයෙනි, මෙම ශිලා ලේඛනයේ පළමු පේළිය සම්පූර්ණ ගෙවී ඇති බවත්, එහි 2,3,4, සහ 9 යන පේළිවෙල සැලකිය යුතු කොටසක් මැකී ගොස් ඇතැයි ද මහාචාර්යවරයා මෙහිදී සඳහන් කළේය.
ලංකාව කොටස් කිහිපයකට බෙදා රජවරුන් කිහිප දෙනෙකු විසින් පාලනය කළ බව මෙම ශිලා ලේඛනයෙන් තහවුරු වන බවද හෙතෙම පැවසීය.
මෙම සෙල්ලිපිය ස්ථාන නාමය නිශ්චිතව හඳුනාගැනීමට නොහැකිවූ බවත් මෙහි '' අජගිරි'' යනුවෙන් සඳහන්කර තිබෙන වචනය එම ස්ථානය හැඳින්වීමට යොදා ගන්නට ඇතැයි ද මහාචාර්යවරයා පැවසීය.
මෙම සෙලිපියේ අකුරු රැසක් කාදනයට ලක්ව තිබූ බව පුරාවිද්‍යා අධ්‍යක් ජනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් මහතා සඳහන් කර ඇත, සෙල්ලිපිය කියවීමට අදාළ තාක්ෂණික පහසුකම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව නොමැති බැවින්, ඒ සඳහා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ආචාර්ය අර්ජුන තන්තිලගේ සහ සුලෙකෝ ආයතනයේ සහයෝගය ලබාගෙන තිබීමද විශේෂත්වයකි. පූර්ව බ්‍රාහ්මී අක්ෂරවලින් සමන්විත මෙම සෙල්ලිපිය ක්‍රිස්තු පූර්ව එකසිය හත සහ එකසිය දහනමය කාලවකවානුවට අයත් අතර මෙම සෙල්ලිපියේ ආරක්ෂාවට වැටක් ඉදිකර තිබෙන බවත්, මේ වසර අවසන් වීමට පෙර ඊට ආවරණයක් සකස් කර අවසන් කරන බවද සඳහන් කළ මහාචාර්යවරයා සෙල්ලිපියේ ආරක්ෂාවට දිවා රාත්‍රි මුරකරුවන් සිව්දෙනෙකු යොදවා ඇති බවද සඳහන් කළේය.
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳු මුදුනින් සොයාගත් මෙම සෙල්ලිපිය ආරක්ෂා කරමින් එය නැරඹීමට ගමන් කරන මාර්ගයක් සකසා ලබන වසර තුළදී සංචාරක ආකර්ශනීය ස්ථානයක් ලෙස දියුණු කරන බව ද පුරාවිද්‍යා අධ්‍යක්‍ෂණවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලලංකාර නාහිමියන් මේ පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කළේ මෙම සෙල්ලිපිය ආරක්ෂා කරගනිමින් දිඹුලාගල සංචාරකයන්ගේ කේන්ද්‍රස්ථානයක් කර ගැනීමට සියලු දෙනාගේ මැදිහත්වීම සහ රජයේ මැදිහත්වීම වහා කළ යුතු බවත්, මෙරටට විදේශ විනිමය උපයා ගැනීමට හොඳම තෝතැන්නක් බවට දිඹුලාගල සෙල්ලිපිය යොදාගත හැකි බවයි.