(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ගල්කිස්ස වෙරළ තීරයේ විනෝදයට දිය නාමින් සිටි 16 හැවිරිදි පාසල් ළමුන් තිදෙනෙකුත් දියවැලකට හසුව ගසාගෙන යමින් සිටියදී ගල්කිස්ස පොලිස් ජීවිත ආරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් ක්ෂණිකව ක්‍රියාත්මකවී ඔවුන්ගේ දිවි බේරාගෙන ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
බේරාගත් එම ළමුන් තිදෙනා මූලික ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර ඇත.
අමතර පන්ති යන මුවාවෙන් පැමිණ තිබූ මෙම සිසුන් තිදෙනා "මෙම ස්ථානයෙන් දිය නෑම අවදානම්" බව දැක්වෙන පුවරුවක් අසල රැඳී සිටිමින් දිය නෑම සඳහා ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි
සිසුන් තිදෙනා මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත කොළඹ ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබන දෙමටගොඩ පදිංචිකරුවන්ය.