(අමදෝරු අමරජීව )
විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පසු මිය ගිය බව කුච්චවේලි පොලිසිය කියයි .
ගසාගෙන ගිය තරුණයා බේරා ගැනීමට අනෙක් තරුණ පිරිස කෑ ගසද්දි ජීවිතාරක්ෂක නිලධාරීන් ගසාගෙන ගිය තරුණයා බේරාගෙන නිලවේලි රෝහලට ඇතුළත් කර ගැනීමෙන් පසු මිය ගොස් තිබුණි .
ඊයේ (17) සිදුවු මෙම අනතුරින් මෙසේ මිය ගියේ මන්නාරම, අඩප්පන් පදිංචි ප්‍රනාන්දු ජදූර්සන් (18) නමැති අයයි.