(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දිවුුුුුුුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රතිඵල ලේඛනය පත්තල ගෙදර ප්‍රධාන කාර්යාලය වෙත රැගෙන එනු ලැබූයේ රාත්‍රී හතයි තිස්පහට ය.
මෙම ප්‍රමාදය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය නිකුත් කිරීම තවමත් ප්‍රමාද වී පවතින අතර වේයන්ගොඩ බණ්ඩාරනායක මහා විද්‍යාලයේ සිට මෙම ප්‍රතිඵල ලේඛනය රැගෙන පැමිණීමට පැය භාගයකට අධික වේලාවක් ගතවීම නිසා මෙම ප්‍රතිඵලය සැක සහිත බවත් ඊට බලධාරීන් හේතු දැක්විය යුතු බවටත් මීරිගම මැතිවරණ කොට්ඨාසයේ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ප්‍රසාද් සිරිවර්ධන මහතා මෙහිදී චෝදනා කළේය.
ඔහු සඳහන් කළේ විනාඩි පහක පමණ කාල සීමාවකින් පැමිණිය හැකි දුර ප්‍රමාණයක් සඳහා මෙතරම් කාලය ගත කිරීම නිසා කිසියම් අක්‍රමිකතාවක් සිදුවී ඇති බවයි.
ඔහු මෙම චෝදනාව කරන අතරවාරයේදී පොලිස් ආරක්ෂාව මධ්‍යයේ අදාළ මනාප ලේඛනය රැගෙන එනු ලැබූ අතර එහි අවසන් කටයුතු තවත් සිදු කිරීමට පැයක පමණ වේලාවක් ගත වන බවට බලධාරීන්ගෙන් දැන ගන්නට ලැබිණි .