(ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ සහ සම්පත් ප්‍රියනන්දන)
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (02) පස්වරුවේ පියවර ගෙන තිබේ.
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල මහනුවර දිස්ත්‍රික්කයේ උඩපාලත, යටිනුවර කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, දෙහිඹ්විට, මාවනැල්ල, බුලත්කොහූපිටිය මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත, ඇලපාත, ඇහැළියගොඩ, කුරුවිට, ගොඩකවෙල, පැල්මඩුල්ල සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අවදානයෙන් සිටින ලෙස දැනුන්දීමේ අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ නිවේදන නිකුත් කොට ඇත.
බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ, හල්දුම්මුල්ල ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල, යටියන්තොට කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල මාතර දිස්ත්‍රික්කයේ කොටපොල, අකුරැස්ස රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, අයගම, බලංගොඩ, ඉඹුල්පේ, ඔීපනායක, කිරිඇල්ල හා කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත්ව සිටින ලෙස දැනුන්දීමේ අනතුරු ඇඟවීමේ කහ නිවේදනය නිතුක් කොට තිබේ.
මෙම නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනයන් හෙට (03) පස්වරු 5.00 දක්වා වලංගු බවත් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ගේ පදිංචි ජනතාව මේ සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටියි.