දුම්රිය වර්ජනයෙන් මගීහු අමාරුවේ


(යොහාන් භාසුර සහ ගරුක ප්‍රියශාන්)

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය හේතුවෙන් දුම්රිය වාර 200 කට අධික සංඛ්‍යාවක් අවංගු කිරීමත් සමඟ ධාවනය වූ දුම්රිය කීපයේ ගමන් කිරීමට ජනතාව උත්සාහ කිරීමෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී අද (13) පස්වරුවේ දැඩි නොසන්සුන් තත්වයක් ඇතිවිය.

රාජ්‍ය සහ පෞද්ගලික කාර්යාල සේවක සේවිකාවෝ 5000 කට අධික පිරිසක් කොටුව දුම්රිය ස්ථානයට අද පස්වරුවේ එකවර රැස්වීමෙන් දැඩි තදබදයක් ඇතිවිය.

කොටුව පොලිසිය සහ දුම්රිය ආරක්‍ෂක හමුදාව එක්ව ජනතාවට එම දුම්රිය කීපයේ පහසුකම් සැළසීමට කටයුතු කළ අතර පොලිසිය ත්‍රිරෝද රථයක ස්පීකරයක් බැද දුම්රිය ධාවනය පිළිබඳව නිවේදනය කළ ආකාරය එහිදී වඩාත් කැපී පෙනුණි.

(ඡායාරූප: ගයාන් අමරසේකර)