දුම්රියෙන් වැටී තරුණයකු මරුට


(ලාල් එස් කුමාර)

හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ 21 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන තරුණයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.